ⓘ දේශගුණික වෙනස්වීම් හා කෘෂිකර්මය. දේශගුණික වෙනස්වීම් සහ කෘෂිකර්මය යනු අන්තර් සම්බන්ධ ක්‍රියාවලීන් වන අතර මේ දෙකම ගෝලීය පරිමාණයකින් සිදුවෙයි. ගෝලීය උණුසුම් වීම මඟ ..

                                     

ⓘ දේශගුණික වෙනස්වීම් හා කෘෂිකර්මය

දේශගුණික වෙනස්වීම් සහ කෘෂිකර්මය යනු අන්තර් සම්බන්ධ ක්‍රියාවලීන් වන අතර මේ දෙකම ගෝලීය පරිමාණයකින් සිදුවෙයි. ගෝලීය උණුසුම් වීම මඟින් උෂ්ණත්වය වර්ෂාපතනය හා ග්ලැසියර් දියවීම ඇතුළුව කෘෂිකර්මයට බලපාන තත්ව මත සැලකිය යුතු බලපෑම් ඇති කරයි. මෙම තත්ව මනුෂ්‍ය ජනගහනය හා ගෘහස්ථ සතුන් සඳහා අවශ්‍ය තරම් ආහාර නිෂ්පාදන සඳහා ජෛව ගෝලයේ ගෙන යාමේ ධාරිතාව ද තීරණය කරයි. වැඩිවන කාබන් ඩයොක්සයිඩ් මට්ටම් වාසිදායක හා අවාසිදායක ලෙස වගා ඵලදා මත බලපෑම් ඇති කරයි. කෘෂිකර්මය මත දේශගුණය වෙනස්වීමේ මුළු බලපෑම මෙම බලපෑම්වල තුලනය මත රඳා පවතී. දේශගුණය මත ගෝලීය දේශගුණ වෙනස්වීම්වල බලපෑම් ඇගයීම් තුළින් කෘෂිකාර්මික නිෂ්පාදනය උපරිම කර ගැනීම සඳහා නිවැරදි පරිදි පූර්ව අපේක්ෂා කිරීමට හා අනුවර්ථනය කිරීමට හැකිවේ.

එමෙන්ම කෘෂිකර්මය ද දේශගුණ වෙනස්වීම් මත සැලකිය යුතු බලපෑම ඇති කරන බව පෙන්වා ඇත. එය මූලිකවම කාබන් ඩයොක්සයිඩ්, මීතේන් හා නයි‍ට්‍රස් ඔක්සයිඩ් වැනි හරිතාගාර වායු නිෂ්පාදනය හා නිකුත් කිරීම හා හරහා සිදුවන අතර පෘථිවියෙහි භූමි කවරය වෙනස් කිරීම මඟින් ද එය සිදු විය හැකිය. පෘථිවියේ භූමි කවරය වෙනස් කිරීමේ දී පෘථිවියේ තාපය හා ආලෝකය උරා ගැනීමේ පරිවර්තනය වීමේ හැකියාව වෙනස් කරන අතර එමනිසා එමඟින් විකිරණශීලී බලකිරීම සිදු වේ. ෆොසිල ඉන්ධන භාවිතය සමඟ වන විනාශය හා කාන්තාරීකරණය වැනි භූමි භාවිත වෙනස් වීම් කාබන් ඩයොක්සයිඩ්හි ප්‍රධාන මානව ප්‍රබව වේ. කෘෂිකර්මයද පෘථිවි වායුගෝලයෙන් මීතේන් හා නයිට්‍රස් ඔක්සයිඩ් සාන්ද්‍රණය ඉහල නැංවීමට ප්‍රධාන දායකයෙක් වේ

                                     

1. කෘෂිකර්මය කෙරෙහි දේශගුණික වෙනස්වීම්හී බලපෑම

වැඩි දියුණු කළ බෝග වර්ග, ජානමය වශයෙන් වෙනස් කළ බෝග වර්ග සහ දියුණු වාරිමාර්ග ක්‍රම යනාදිය තිබියදීත් කෘෂිකාර්මික පලදාව, පසේ සාරවත්භාවය යන කරුණු සම්බන්ධයෙන් කාළගුණය තවමත් අතිශය වැදගත් සාධකයක්ව පවතී. ගෝලීය කාළගුණ රටාවන්ට වඩා යම් රටක කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි බලපෑමක් කරනු ලබන්නේ එම රටේ ප්‍රදේශයේකාළගුණ තත්ත්වයන්ය. කෘෂි විද්‍යාඥයන්ට අනුව කෘෂිකර්මය සම්බන්ධ තක්සේරු කිරීම් කල යුත්තේ අදාළ ප්‍රදේශයන්හි වෙන වෙනමය.

කෘෂිකර්මාන්තයෙන් දැනට සැලකිය යුතු තරම් ආහාර ප්‍රමාණයක් නිපදවනු ලබයි. ඒවා සමහර රටවල් මහා පරිමාණයෙන් ආනයන කරන අතර තවත් රටවල් ඒවා මහා පරිමාණයෙන් අපනයනය කරනු ලබයි. ආහාර සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳාම හා එහි සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් සලකා බලන කල එයට ගෝලීය උණුසුම බලපාන අයුරුද සලකා බැලීමට සිදු වේ.

Science teacher සඟරාව මඟින් කරන ලද හෙලිදරව් කිරීමකට අනුව කාළගුණ වෙනස් වීම් නිසා දකුණු අප්‍රිකාවේ ප්‍රධාන බෝගය වන ඉරිඟු වගාවෙන් 30% ක් 2030 දී ඔවුන්ට අහිමි වනු ඇත. දකුණු ආසියාව සම්බන්ධයෙන් ගත් කල වී, මෙනේරි හා ඉරිඟු යන ඒවාහි අහිමි වීම 10 % ක් පමණ වනු ඇත.

2001 IPCC තුන් වන වාර්තාවට අනුව නිවර්තන හා උප නිවර්තන කලාපවල ජල හිඟය හා නව කෘමි හා පලිබෝධ උවදුරු හේතුවෙන් අස්වනු අඩු වී ආහාර හිඟයක් ඇති වේ. දුප්පත් රටවලට මින් වැඩිම බලපෑමක් සිදු වේ. අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ වැසි ජලයෙන් වගා කරනු ලබන කෘෂිභූමි ඒවාට දැරිය හැකි උපරිම උෂ්ණත්වයට පත් වී හමාරය. මේ හේතුවෙන් කුඩා උෂ්ණත්ව වෙනසකින් පවා අස්වනු ප්‍රමාණය සීඝ්‍ර ලෙස පහත බැසීමේ දැඩි ප්‍රවණතාවයක් පවතී. ඒ අනුව 21 වන සියවසේදී නිෂ්පාදනය 30 % කට ආසන්න ප්‍රමාණයකින් අඩුවෙතැයි ගණන් බලා තිබේ. සමහර ප්‍රදේශවල මුහුදු ජීවීන් හා ධීවර කර්මාන්තයද දැඩි තර්ජනයකට මුහුණ පා තිබේ.

                                     

2. දේශගුණික වෙනස්වීම් කෙරෙහි කෘෂිකර්මයෙහී බලපෑම්

කෘෂිකාර්මික අංශය, දේශගුණ වෙනස්වීම් ඇති වීම් ඇති කරනවායැයි සැලකීම් වායු විමෝචනය වීමේ හා භූමි භාවිත කිරීමේ බලපෑමේ ක්‍රියාකාරී බලයක් වෙයි. භූමියෙහි විශේෂිත පරිශීලකයා හා පොසිල ඉන්ධන වල පාරිභෝජකයා වීමට අමතරව සහල් නිෂ්පාදනය හා පසු සම්පත් වැඩි දියුණු කිරීම් වැනි ක්‍රියාවලි හරහා හරිතාගාර වායු විමෝචනයට කෘෂිකර්මාන්තය සෘජුවම සම්බන්ධවෙයි. දේශගුණික වෙනස්වීම් පිලිබද අන්තර් රාජ්‍ය කමිටුවට අනුව ගතවු වසර 250 තුළ හරිතාගාර වායු වැඩීමට බලපෑ ප්‍රධාන හේතු 3 ලෙස හදුනා ගෙන ඇත්තේ පොසිල ඉන්ධන, භූමිභාවිතය හා කෘෂිකර්මාන්තයයි.

භූමිභාවිතය

කෘෂිකර්මාන්තය භූමි භාවිතය හරහා ප්‍රධාන වශයෙන් ආකාර 4 කින් හරිතාගාර වායු වැඩිවීමට සහය ලබාදෙයි.

වන විනාශයට සම්බන්ධ CO2 නිකුත් වීම

සහල් වගාකිරීම හරහා මීතේන් නිකුත්වීම

වසුපැටවුන්ගේ උණසන්නිපාත පැසවීම හරහා මීතේන් නිකුත්වීම

පොහොර යෙදීම් හරහා නයිට්‍රස් ඔක්සයිඩ් නිකුත්වීම

එක්ව ගත් කළ මෙම කෘෂිකාර්මික ක්‍රියාවලි වලට මීතේන් විමෝචනයෙන් 54% ක්, නයිට්‍රස් ඔක්සයිඩ් විමෝචනයෙන් දළ වශයෙන් 80% ක් හා මුළු කාබන් ඩයොක්සයිට් විමෝචනයම පාහේ ඇතුළත් වෙයි.

1950 සිට පෘතුවියෙහි භූමි වැස්මට සිදු වු ප්‍රධානතම වෙනස්වීම් වලට හේතුව වී ඇත්තේ සම උෂ්ණ කලාප වල සිදුවන විනාශයයි. වගාභූමි සදහා ඉඩ සැකසීමට කැලෑ හා වනාන්තර විනාශ කිරීමේදී අදාල ප්‍රදේශයේ ඇල්බිඩෝව ඉහළ යයි. එමනිසා දේශීය තත්ත්ව මත පදනම්ව රත්වීමේ හෝ සිසිල් වීමේ ආචරණ ඇති වෙයි. වනාන්තර විනාශය ප්‍රාදේශීය කාබන් නැවත වැඩිවීමට ද බලපාන අතර එමගින් ප්‍රධාන හරිතාගාර වායුවක් වන CO2 සාන්ද්‍රණය වැඩිවෙයි. කැපීම හා ගිනිතැබීම වැනි භූමිය එලි පෙහෙලි කිරීමේ ක්‍රම ජෛව පදාර්ථ දහනය තුළින් මෙම ආචරණ මිශ්‍ර කරණ ලබයි. එමගින් සෘජුවම හරිතාගාර වායු හා දැලි වැනි ද්‍රව්‍ය වාතයට නිකුත් වෙයි.

පශු සම්පත්‍

පශු සම්පත් හා වන විනාශය හා ක්‍රමක්ක්‍රමයෙන් ඉන්ධන මත පදනම් වු ගොවිතැන් ක්‍රියාවලි වැනි පශු සම්පත් වලට ක්‍රියාකාරකම් මිනිසා විසින් නිපද වු හරිතාගාර වායු විමෝචනය 18% කට වඩා වැඩි ප්‍රමාණයකට වග කිව යුතු වෙයි. එයට පහත ඒවා ඇතුළත් වෙයි. ගෝලීය කාබන් ඩයොක්සයිට් විමෝචනයෙන් 9% ගොලීය මීතේන් විමෝචනයෙන් 35 – 40% ප්‍රධාන වශයෙන් උණ සන්නිපාත පැතිරීම හා පොහොර නිසා ගෝලීය නයිට්‍රස් ඔක්සයිඩ් විමෝචනයෙන් 64% ප්‍රධාන වශයෙන් පොහොර භාවිතය නිසා

පසු සම්පත් ක්‍රියාකාරකම් සමානුපාත නොවන ලෙස භූමි භාවිත ආචරණ වලට ද සහය ලබාදෙයි. එයට හේතුව ඉරිඟු හා ඇල්ෆැල්ෆා වැනි බෝග වගා කරනු ලබන්නේ සතුන්ට ආහාර ලබාදීම සදහා වන බැවිනි.

ලොව පුරා පශු සම්පත් නිෂ්පාදන මගින් කෘෂිකර්මාන්තය සදහා යොදා ගන්නා භුමියෙන් 70% ක් හෝ පෘතුවිය මත ඇති භුමියෙන් 30% ක් භාවිතයට ගනියි.