ⓘ ක්‍ෂුද්‍ර ජීවීන් රෝපණය. ක්ෂුද්‍ර ජීවීන් යනු ස්වභාවික පරිසරයේ සෑම තැනකම පාහේ වාසය කරන පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි, ඉතාම කුඩා අන්වීක්ෂීය ජීවීන් වේ. මේ නිසා ක ..

                                     

ⓘ ක්‍ෂුද්‍ර ජීවීන් රෝපණය

ක්ෂුද්‍ර ජීවීන් යනු ස්වභාවික පරිසරයේ සෑම තැනකම පාහේ වාසය කරන පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි, ඉතාම කුඩා අන්වීක්ෂීය ජීවීන් වේ. මේ නිසා ක්ෂුද්‍ර ජීවීන් සාර්ථකව අධ්‍යනය කිරීම සඳහා විශේෂ ශිල්පීය ක්‍රම භාවිත කල යුතුය. පරිසර පද්ධති වල ක්ෂුද්‍ර ජීවීන් ඇතත් ඔවුන් පියවි ඇසට නොපෙනෙන නිසා ක්ෂේත්‍රයේදී අධ්‍යනය කල නොහැක. එම නිසා ඔවුන් අධ්‍යනයට නියැදියක් ගෙනවිත් රෝපණ මාධ්‍යය ක වගා කිරීම අවශ්‍ය වේ. මෙසේ රෝපණය කිරීමෙන් විවිධ ක්ෂුද්‍ර ජීවීන් විශාල වශයෙන්, අවශ්‍ය තරම් ලබා ගත හැක. පරීක්ෂණාගාරය තුළ ක්ෂුද්‍ර ජීවීන් රෝපණය හා නිරීක්ෂණය ට මූලික ශිල්පීය ක්‍රම සමහරක් අවශ්‍ය වේ.

  • අවශ්‍ය නම් වර්ණ ගැන්වීමේ ක්‍රමය
  • රෝපණ මාධ්‍යය පිළියෙළ කිරීම.
  • වීදුරු භාණ්ඩ ඇතුළුව අවශ්‍ය අනෙකුත් භාණ්ඩ පිළියෙළ කිරීම.
  • අන්වීක්ෂය භාවිතයෙන් නිදර්ශක පරීක්ෂා කිරීම.
  • අක්‍රාමණය කිරීමේ ශිල්ප ක්‍රමය.
  • රෝපණ උපකරණ හා මාධ්‍යය ජීවානුහරණය කිරීම.
                                     

1. රෝපණ මාධ්‍යය පිළියෙළ කිරීම

පරීක්ෂණ නල, පෙට්‍රි දීසි වැනි වීදුරු උපකරණ වල පිලියෙල් කල වගා මාධ්‍යය වල පරීක්ෂණාගාර තත්ත්ව යටතේ ක්ෂුද්‍ර ජීවීන් රෝපණය කරයි. වැඩෙන ක්ෂුද්‍ර ජීවීන් අඩංගු මෙවැනි රෝපණ මාධ්‍යයක් ක්ෂුද්‍ර ජීවී රෝපිතය ක් ලෙස හඳුන්වයි. ස්වභාවිකව ක්ෂුද්‍ර ජීවීන් විශාල සංඛ්‍යාවක් එකට ජීවත් වේ. පරීක්ෂණාගාරයේදී මොවුන් වෙන වෙනම අධ්‍යයනය කිරීමට, එක් විශේෂයක් පමණක් අඩංගු වන රෝපිත සාදා ගනී. මෙවැනි එක් විශේෂයකට අයත් වන ජීවීන් පමණක් අඩංගු රෝපිතයක් ශුද්ධ රෝපිතය ක් ලෙස හඳුන්වයි. ක්ෂුද්‍ර ජීවීන් වගා කරන පෝෂ්‍ය මාධ්‍ය දෙකකි.

  • ද්‍රව රෝපණ මාධ්‍යය
  • ඝන රෝපණ මාධ්‍යය
                                     

1.1. රෝපණ මාධ්‍යය පිළියෙළ කිරීම ඒගාර්

  • 40 0 C දී පමණ ඝන තත්ත්වයට පත් වේ.
  • මේ හේතුන් නිසා ඒගාර් ඝනීකාරකයක් ලෙස යොදා ගැනීම වැදගත් වේ.
  • පාරදෘශ්‍ය වේ.
  • සංකීර්ණ පොලිසැකරයිඩයකි.
  • බොහොමයක් ක්ෂුද්‍ර ජීවීන්ට ඒගාර් බිඳ දැමීමට සමත් එන්සයිම නැත.
  • Gelidium නම් රතු ඇල්ගී ශාක වලින් ලබා ගනී.
                                     

1.2. රෝපණ මාධ්‍යය පිළියෙළ කිරීම පෝෂ්‍ය ඒගාර් මාධ්‍යය පිළියෙළ කිරීම

පෙප්ටෝන් 10g, හරක් මස් නිස්සාරකයෙන් 10g, NaCl 15g සහ ආසෘත ජලය 1000ml මේ සඳහා යොදා ගනී. ජලය හැර අනෙකුත් ද්‍රව්‍ය ප්ලාස්කුවකට දමා ඒගාර් දිය වනතුරු රත් කරයි. අනතුරුව 1000ml වන තෙක් ජලය එකතු කරයි. මෙහි pH අගය 7.2 දක්වා සකස් කරයි.

                                     

1.3. රෝපණ මාධ්‍යය පිළියෙළ කිරීම ජෙලටින්

මෙය ප්‍රෝටීනයකි. ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් සතුව ජෙලටින් බිඳ දැමීමට සමත් එන්සයිම ඇත. තවද ජෙලටින් 30 0 C ට වඩා අඩු උෂ්ණත්ව වලදී ඝන තත්ත්වයට පත් වේ. මේ හේතුන් නිසා ඒගාර් තරම් පෝෂ්‍ය මාධ්‍ය ඝනීකරණයට ජෙලටින් සුදුසු නොවේ.

                                     

1.4. රෝපණ මාධ්‍යය පිළියෙළ කිරීම අර්තාපල් ඩෙක්ස්ට්‍රොස් PDA පිළියෙළ කිරීම

මේ සඳහා අර්තාපල් 200g, ග්ලූකෝස් 20g, ඒගාර් 15g සහ ආසෘත ජලය 1000ml අවශ්‍ය වේ. අර්තාපල් වල පොත්ත ඉවත් කර ඉන් 200g ක් ආසෘත ජලය සමඟ තම්බා රෙදි කඩකින් පෙරා ගනු ලැබේ. එම පෙරනයට අනෙකුත් ද්‍රව්‍ය එක් කර ඒගාර් දියවන තුරු රත් කරයි. ඉන් පසු ද්‍රාවණයට 1000ml වන තුරු ආසෘත ජලය එක් කරයි. මෙම මාධ්‍යයේ pH අගය 5.6 දක්වා සකස් කරයි.

                                     

1.5. රෝපණ මාධ්‍යය පිළියෙළ කිරීම ක්ෂුද්‍ර ජීවී රෝපණ මාධ්‍යයක් පිළියෙළ කිරීමේදී සැලකිය යුතු කරුණු

  • ඇමයිනෝ අම්ල
  • ජලය
  • පෝෂණ අවශ්‍යතා
  • ඛනිජ ලවණ Na +, Cl -
  • විටමින් වර්ග
  • කාබන් ප්‍රභවයක් ග්ලූකෝස්, සුක්‍රෝස්
  • බාහිර සාධක O 2, ආලෝකය ආදිය
  • ඝන රෝපණ මාධ්‍යයක් නම් ඝනීකාරක ද්‍රව්‍ය
  • බැක්ටීරියා වගා කිරීමට පෝෂ්‍ය ඒගාර් මාධ්‍යය යොදා ගන්නා අතර දිලීර වගා කිරීමට අර්තාපල් ඩෙක්ස්ට්‍රොස් PDA නම් පෝෂ්‍ය මාධ්‍යය යොදා ගනී.


                                     

2. ජීවානුහරණය

යම් මාධ්‍යයක ඇති සියලුම ක්ෂුද්‍ර ජීවීන් වර්ධක සෛල හා බීජාණු සම්පූර්ණයෙන් විනාශ කිරීම හෝ ඉවත් කිරීම ජීවානුහරණය නම් වේ. මේ සඳහා භෞතික හෝ රසායනික කාරකයක් යොදා ගනී. මේ සඳහා තාපය යෙදීම, රසායනික ද්‍රව්‍ය යෙදීම, පෙරීම, විකිරණ යෙදීම වැනි ක්‍රම යොදා ගනු ලබයි.

                                     

2.1. ජීවානුහරණය තාපය යෙදීම මගින්

තාපය යෙදීම මගින් ක්ෂුද්‍ර ජීවීන් ගේ එන්සයිම අස්ථාවර කිරීම මගින් ඔවුන් විනාශ කල හැක. මෙය ප්‍රධාන කොටස් දෙකකට සිදු කරයි.

  • වියළි තාපය යෙදීම
  • තෙත් තාපය යෙදීම
                                     

2.2. ජීවානුහරණය වියලි තාපය යෙදීම

කෙලින්ම බන්සන් දැල්ලට ඇල්ලීමෙන් හෝ රත් වූ වාතයෙන් සපයන තාපයෙන් සිදු කරන ජීවානුහරණය මෙසේ හඳුන්වයි. මේ සඳහා වියළි උඳුන භාවිතා කරයි. මෙම ක්‍රමයේදී ජීවානුහරණය සඳහා වැඩි කාලයක් සහ වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය වේ. මෙම ක්‍රමය භාවිතයෙන් පෝෂ්‍ය මාධ්‍යය ජීවානුහරණය සිදු නොකරයි. මෙම ක්‍රමය භාවිත කළහොත් පෝෂ්‍ය මාධ්‍ය වල ගුණය, රසය, වර්ණය ආදිය වෙනස් වීම සිදු විය හැක. එබැවින් පෝෂ්‍ය මාධ්‍යය ජීවනුහරණයට මෙම ක්‍රමය යොදා නොගනී.

                                     

2.3. ජීවානුහරණය වීදුරු උපකරණ

මෙහිදී වීදුරු උපකරණ ඇලුමිනියම් දවටන වලින් ආවරණය කරයි. අනතුරුව 160 0 C උෂ්ණත්වයට රත් කරන ලද වියළි උඳුනක් තුළ පැය 2ක් තැබීම හෝ 180 0 C උෂ්ණත්වයට රත් කරන ලද වියළි උඳුනක් තුළ පැය 1ක් මේවා තැබීම මගින් ජීවානුහරණය සිදු කරයි.

                                     

2.4. ජීවානුහරණය අක්‍රාමණ කටුව

අක්‍රාමණ කටුව ලී මිටක් සහ එයට සවි කරන ලද ප්ලැටිනම් හෝ නික්‍රෝම් කම්බියකින් සමන්විත වේ. මෙහි කෙලවර ඇතැම් විට කම්බි පුඩුවක් සාදා ඇත. අක්‍රාමණ කටුවේ කම්බි පුඩුව හෝ එහි කම්බි කෙලවර බන්සන් දැල්ලේ නිල් කලාපයට, රක්ත තප්ත වන තුරු ඇල්ලීමෙන් ජීවානුහරණය කර ගනී.

                                     

2.5. ජීවානුහරණය පෙරීම මගින්

තාප අස්ථායි සංඝටක අඩංගු ද්‍රව රෝපණ මාධ්‍ය හා ජලය ජීවානුහරණය සඳහා මෙම ක්‍රමය යොදා ගනී. මෙහිදී පටල පෙරහන බැක්ටීරියා පෙරහන කින් පෙරා ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කරයි. සාමාන්‍යයෙන් මෙවැනි පටල පෙරහනක සිදුරු වල ප්‍රමාණය මයික්‍රො මීටර් 0.45 පමණ වේ.

උදා: විටමින් ද්‍රාවණ, රුධිර මස්තු ආදිය ජීවානුහරණයට මෙම ක්‍රමය යොදා ගනී. ශල්‍යාගාර, ක්ෂුද්‍ර ජීවි පර්යේෂණාගාර වල කුටීර ආදියේ වාතයේ ඇති ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කිරීම සඳහා අධි කාර්යක්ෂම පෙරහන භාවිත කරයි.


                                     

2.6. ජීවානුහරණය රසායනික ද්‍රව්‍ය යෙදීම මගින්

තාපයට ඔරොත්තු නොදෙන ප්ලාස්ටික් වැනි බඳුන් ජීවානුහරණය සිදු කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය යොදා ගනී. උදා: එතිලින් ඔක්සයිඩ

                                     

2.7. ජීවානුහරණය විකිරණ මගින්

ශල්‍යාගාර, ක්ෂුද්‍රජීවී පර්යේෂණාගාර ආදියේ වාතයේ ජිවත් වන ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කිරීම සඳහා UV කිරණ නිකුත් කරන පහන් භාවිත කරයි. එමගින් වාතයේ සිටින බැක්ටීරියාවන් විනාශ වේ.

                                     

3. පෝෂ්‍ය මාධ්‍යය ජීවානුහරණය කිරීම

සාදා ගත් පෝෂ්‍ය මාධ්‍යය ප්ලාස්කුවක් තුලට එකතු කරයි. ප්ලාස්කුවේ කටට පුළුන් ඇබයක් සවි කරයි. එය ඇලුමිනියම් දවටන වලින් ආවරණය කරයි. මෙය පීඩන උඳුනක් තුළ හෝ පීඩන තාපකය තුළ 121 0 C උෂ්ණත්වයේ විනාඩි 15ක් තැබීම මගින් ජීවානුහරණය කර ගනී. මෙම පෝෂ්‍ය මාධ්‍යය පීඩන උඳුනෙන් ඉවතට ගෙඝන වීම වලක්වා ගැනීමට රත් කරන ලද ජල තාපකයක් තුළ ගිල්වා තබයි. පුළුන් ඇබයක්, ප්ලාස්කුවේ කටට සවි කිරීම නිසා ප්ලාස්කුව තුලට වාතය ගමන් කරන නමුත් ක්ෂුද්‍ර ජීවීන්ට පිවිසීමට හැකියාවක් නැත.

                                     

4.1. ක්ෂුද්‍ර ජීවීන් අක්‍රාමණය කිරීම අක්‍රාමණ කටුව මගින්

අක්‍රාමණ කටුව ජීවානුහරණය කර අනතුරුව අක්‍රාමණ කටුවේ කම්බි පුඩුව අක්‍රාමණය කල යුතු ක්ෂුද්‍ර ජීවීන් අඩංගු මාධ්‍යයේ ස්ඵර්ශ කර පෙට්‍රි දීසි වල ඇති ඝන පෝෂ්‍ය මාධ්‍යය මත ඉරි ඇඳීම සිදු කරයි. මෙය ලේඛනය ලෙස හඳුන්වයි. මෙම ඉරි වල කෙළවරදී ක්ෂුද්‍ර ජීවි සෛල වෙන් වී බෙදීමට ලක් වී ශුද්ධ ඝනාවාස සාදයි.

                                     

4.2. ක්ෂුද්‍ර ජීවීන් අක්‍රාමණය කිරීම පිපෙට්ටුවක් සහ වීදුරු කූරක් මගින්

පිපෙට්ටුව ජීවානුහරණය කර ගනී. පිපෙට්ටුව මගින් ද්‍රව මාධ්‍යයකින් ස්වල්පයක් ගෙඝන පෝෂ්‍ය මාධ්‍ය මත තබා අනතුරුව නමන ලද ජීවාණුහරිත වීදුරු කුරක් භාවිතයෙන් එය පෝෂ්‍ය මාධ්‍ය මත ඇතිරීම සිදු කරයි. එවිට ක්ෂුද්‍ර ජීවි සෛල වෙන් කර ගත හැක. අක්‍රාමණය කරන ලද ක්ෂුද්‍ර ජීවීන් සහිත රෝපණ මාධ්‍යය දින කිහිපයක් බීජෞෂණය කරයි. අක්‍රාමණය කල ක්ෂුද්‍ර ජීවි රෝපිතය ක්ෂුද්‍ර ජිවින්ගේ වර්ධනය හා ගුණනයට උචිත භෞතික පරිසර තුළ තැබීම, බිජෞෂණය ලෙස හඳුන්වයි. මේ සඳහා වසන ලද තාප පරිවාරක කුටි Incubaters භාවිත කරයි. බොහෝ ක්ෂුද්‍ර ජිවි රෝපණ සඳහා උචිත උෂ්ණත්වය 25 0 C - 37 0 C වේ.

                                     
  • ද ආදර ශ ජ ව න බවට පත ව ඇත. අණ ක ත ක ෂණය, ව ද ය ක ෂ ද ර ජ ව ව ද ය ව ස යන ක ක ර ය ම ර ග මත ස ජ වම බලප ම ඇත ක ර මට සමත ව ඇත. ක ෂ ද ර ජ ව ව ද ය ව