ⓘ ශ්‍රි ලංකාවේ ජාතික කොඩිය. මාතර දිසාව - කුරු අලියා කොඩිය ඌව පළාත - හංස කොඩිය වෙල්ලස්ස - ව්‍යාඝ්‍ර කොඩිය සත් කෝරළය - විවිධ සිංහ කොඩිය තුන්කෝරලය - භේරුන්ඩ පක්ෂියා ..

                                     

ⓘ ශ්‍රි ලංකාවේ ජාතික කොඩිය

  • මාතර දිසාව - කුරු අලියා කොඩිය
  • ඌව පළාත - හංස කොඩිය
  • වෙල්ලස්ස - ව්‍යාඝ්‍ර කොඩිය
  • සත් කෝරළය - විවිධ සිංහ කොඩිය
  • තුන්කෝරලය - භේරුන්ඩ පක්ෂියා
  • වලපනේ දිසාව - මයුර කොඩිය
  • තමන්කඩුව දිසාව - සිංහ කොඩිය
  • හතර කෝරළය - ඉර හද කොඩිය
  • සීතාවක - හස්ති කොඩිය
  • සෙංකඩගල - සැවුල් කොඩිය
  • රයිගම් කෝරළය - මුවා සහිත කොඩිය
                                     

1. වත්මන් ජාතික කොඩියේ උපත

අධිරාජ්‍ය විරෝධී සටන පන ගැන්වෙමින් තිබියදී ජාතික කොඩියක අවශ්‍යතාව පැන නැගුණි. ඒ අනුව මෙරට කොඩිය ගැන පර්යේෂණයක් කිරීමට ඒ.සී.බෙල් මහතා, ආචාර්‍ය ජෝසප් පියර්සන් මහතා සහ ඊ.ඩබ්.පෙරේරා මහතා ඉදිරිපත් වූ අතර ඊ.ඩබ්.පෙරේරා මහතා විසින් 1908 එංගලන්තයේ වෙස්ලි රෝහලේ තිබූ සිංහලේ අන්තිම රජු විසින් භාවිතා කළ ජාතික කොඩිය සොයාගන්නා ලදී. පසුව, 1815 එංගලන්තයට ගෙයන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් භාවිතා කල කොඩිය ජාතික කොඩිය ලෙස භාවිතා කල යුතුයැයි යෝජනා විය. 1948 ජනවාරි 16 දින මඩකලපුව මන්ත්‍රී සින්න ලෙබ්බේ මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට යෝජනා කරන ලදී. එය විවාදයට භාජනය විය. පසුව මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා රාජ්‍ය කොඩිය පිළිබද උපදෙස් ලබාගැනීම හා කොඩිය නිර්මාණය සඳහා කමිටුවක් පත් කළේය. එහිදී සභාපති එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක, ලේකම් ආචාර්‍ය සෙනරත් පරනවිතාන, ටී.බී. ජයා, ජී.ජී.පොන්නම්බලම්, ජේ.ආර්.ජයවර්ධන,ශ්‍රීමත් ලලිත රාජපක්ෂ, ශ්‍රීමත් ජෝන් කොතලාවල යන මහත්වරුන්ගේ අධීක්ශනය යටතේ ජේ.ඒ.ඩී.පෙරේරා සහ එස්.ජී.චාර්ලිස් යන මහත්වරුන් දෙපළ කොඩිය නිර්මාණය කළෝය. 1948.02.04 දින අප බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඩොමීනියන් නිදහස ලැබුවද ඒ වන විටත් ජාතික කොඩිය පිළිබඳ ස්ථීර තීරණයක් ගෙන නොතිබුණි. එහෙත් නව කොඩිය ඔසවන ලදි. 1948.02.10 දින ප්‍රථම පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී බ්‍රිතාන්‍ය හා සිංහ කොඩිය ඔසවන ලද අතර පෙබරවාරි 12 ප්‍රථම නිදහස් උළෙලෙදී පත්තිරිප්පුවේ දී ඔසවන ලද්දේ සිංහ කොඩිය පමණි. 1951 මාර්තු 02 කමිටු නිර්දේශය මත කොඩියේ ඉදිරි පසට කොල හා තැඹිලි පාට තීරු දෙකක් එකතු කරන ලදී. එක් පටියක ප්‍රමාණය කොඩියේ ප්‍රමාණයෙන් හතෙන් එකකි. එය ද්‍රවිඩ හා මුස්ලීම් සුළු ජාතික නියෝජනය විය. 1952 පෙබරවාරි 04 නිදහස් දින සැමරුමේ ඔසවන ලද්දේ සම්මත කරගත් ජාතික කොඩියයි. 1972 ශ්‍රිලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කොඩිය වටා කහ පාට තීරුවක් යොදා ජාතික කොඩියේ හතර කොනේ තිබූ පැරණි බෝකොල පත් ඉවත් කර වර්තමාන බෝ කොල හැඩයෙන් නිරූපනය කරන ලදී. 1972 මැයි 22 ජනරජ සැමරුමේදී මෙම සංශෝධිත කොඩිය ඔසවන ලදී. එමෙන්ම, 1978 සැප්තැම්බර් 09 ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද ජාතික කොඩියට මුල්තැනක් හිමිවිය.06 වගන්තිය

                                     

2.1. ජාතික කොඩියේ විශේෂ අංග වර්ණ සංකලනය

  • රතුපාට කොටුව - සිංහල ජනතාව
  • කහපාට සිංහ රූපය - අභිවෘද්ධි ගතියයි. එඩිතර උපන් දහමට අනුව හැසිරේ.
  • කහ පාට - බුද්ධිය, සාමය, අවිහිංසාව, සත්‍යය, ධර්මය හදුනා ගැනීම.
  • රතු පාට - ආශාවන්ගෙන් එල්බ නොගැනීමත්, අයිතිය අත හැරීමත්, මමත්වය තුනී කිරීමත් යන ක්‍රියාමාර්ගයන් ය.දහම කෙරෙහි විශ්වාසය තැබූ බුද්ධි ගෝචර අවිහිංසාවාදී සමාජ ක්‍රමයක් ඇති බව සම්‍යක් සමාජ.
  • කොළපාට තීරුව - මුස්ලීම් ජනතාව
  • තැඹිලිපාට තීරුව - දෙමළ ජනතාව
                                     

2.2. ජාතික කොඩියේ විශේෂ අංග බෝපත්

ජාතික කොඩියේ බෝපත් හතරකි. ඉන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන පරම සත්‍යය අවබෝධය සංකේතවත් කරයි.

  • උපේක්ඛා - නිහතමානීකම,විඳදරා ගැනීමට රට වැසියා හට ඇති හැකියාව,දානය,ප්‍රිය වචනය,අර්ථ චර්යාව සහ සමානාත්මතාව.
  • මෙත්තා - රට වැසියා පොදුමගකට පෙළඹවීම.
  • මුදිතා - සමාව, ඉවසීම, අනුන්ගේ යහපත සැලසීම.
  • කරුණා - දුකට පත්වූවන් ඉන් මුදවා ගැනීම.
                                     

2.3. ජාතික කොඩියේ විශේෂ අංග සිංහයා

සෙසු සතුනට වඩා විනයවත් සංවර සතෙකි.ආත්ම ශක්තිය කෙරේ විශ්වාසය තබයි.තමනට නොගැලපෙන දේ නොකරයි.

  • ශ්‍රිවය - පාලකයා ඍජු ශක්තිමත් අයෙකු බව.
  • අයාගත් මුඛය - රාජකීය හඩ නොබියව නිර්භීතව ප්‍රකාශ කිරීමට හැකිබව.
  • ශ්‍රිවයේ කේෂර මාලා හතර - ඡන්ද,ද්වේෂ,භය,මෝහ සතර අගතියට පාලනය හසු නොවන බව.
  • දිව - පාලකයාගේ ප්‍රකාශ සත්‍යවාදී සහ අවංක බව.
  • නාසය - හරි වැරදි හදුනා ගැනීම.
  • කේෂර කැරලි විසිහතර - ගිහි විනය පෙන්වයි.චතුර්විධ ක්ලේෂ,සතර අගති,භෝග විනාශමුඛ,සදිසාවන්,සතර සංග්‍රහ වස්තු පෙන්වන අතර රතුපාටින් දක්වා ඇත්තේ ජීවිතය දෙවෙනි කොට ආරක්ශා කළ යුතු බවයි.
  • වලිගය ස්ථාන දෙකකින් නැමීම ප්‍රථම නැමුම - ජාතියේ, රටවැසියාගේ ශ්‍රමය,දැනුම,කැපවීම පාලනයට නොඅඩුව ලැබීමයි.
  • උඩට විහිදුනු නිය - මෙලොව ජය ගැනීමට අවශ්‍ය ශ්‍රද්ධා,ශීල,ත්‍යාග,ප්‍රඥා ලෝකෝත්තර විමුක්ති ධර්ම.
  • ඇස - ජනතා ඇස තුලින් ජනතා ප්‍රශ්න දෙස බැලීම සහ ජනතා ජීව රුධිරය ජනතා සිතුම් පැතුම් අනුව ඉටුවන බව පෙන්වීමට රතු පාටින් ඇස වර්ණ ගන්වා ඇත.
  • කේසර මාලා තුන - බුද්ධ, ධම්ම, සංඝ, පාලනය තෙරුවන් කෙරේ විශ්වාසය තැබීම සහ කනක හැඩය මගින් ත්‍රිවිධ රත්නයට අනුව කන්දීම පෙන්නුම් කරයි.
  • පාද හතර - උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජීවකතා පෙන්වයි.
  • ඇස කඩුව දෙසට යොමු වීම - පාලිතයෝ, පාලකයා බලය නිසි ලෙස යොදවනවා දැයි බලයි.ජනතාව අවධියෙන් සිටින බව.
  • කඩුව ගත් දකුණු අත - ආරක්ඛ සම්ප්‍රදාය,ස්වාධීනත්වය,නිදහස,ආරක්ෂා කිරීම කිරීම දකුණතින් කඩුව ගැනීමෙන් පෙන්වයි.
  • හිස වලිගය මතට අක්ෂගතව තිබීම - පාලකයා හා පාලිතයා අතර ඇති සමානාත්මතාවයයි.එකිනෙකා පිළිබඳ සැකයක් හෝ බියක් නොමැති බව.
  • වලිගය ස්ථාන දෙකකින් නැමීම දෙවන නැමුම - රට වැසියා හා පාලකයා ජාතියේ තීරණාත්මක අවස්ථාවල එකම මගකට පිවිසීම.
  • මුඛයට නැමී ගිය දත් තුන - සිත,කය,වචනය යන තුන්දොර හික්මවා ඒවා විවෘතව ප්‍රකාශ කිරීම.
  • වලිගයේ කේෂර කැරලි අට - ආර්ය අෂ්ටාංගික මාර්ගය. සැමට සුදුසු මගය. හිසට උඩින් විද්‍යාමාන වේ.


                                     

2.4. ජාතික කොඩියේ විශේෂ අංග අසිපත

මුල් සමාජ රාමුවට යොමුවී ඇත.අසාධාරණයේදී සටන් වැදීම සහ එය ධර්මයට අනුව සිදුකිරීම පෙන්වීමට අසිපත කහපාටින් වර්ණ ගන්වා ඇත.

  • කඩු තලය - පාලකයාට පැනවූ නීති දහය එනම් දානය,ශීලය,පරිත්‍යාගය,ඍජු ගුණය,මධ්‍යස්ථ බව,ඉන්ද්‍රිය දමනය,ක්‍රෝධ නොකිරීම,අහිංසාව,ශක්තිය,පළිනොගැනීම පිළිබිඹු කරයි.
  • ඇස ඒ තලය දෙසට යොමුවීම - පාලකයන් ධර්මතා රකින්නන්ද බැලීම.
  • මිටේ තුඩු හතර - රට වැසියා ගොඩ නැගී ඇත්තේ පඨවි,ආපෝ,තේජෝ,වායෝ යන සතර මහා භූතයන්ගෙන් බව පෙන්වීම.
  • නැමුණු තුඩු තුන - අනිත්‍ය,දුක්ඛ,අනාත්ම යන්රට ජාතිය ලක්වීම.
  • කඩුව අල්ලාගත් ඇඟිලි හතර - චතුරාර්ය සත්‍ය.
  • අත් වැස්මේ අන්ත දෙක - රාජ්‍ය පාලනය එක් පැත්තකට අන්තගාමී නොවූ එකක් බව.
  • කඩු තලය කෙලින් - පාලනය මධ්‍යස්ථයි.මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ යා යුතු බව.
                                     

3. ජාතික කොඩිය එසවීම

නිදහස් දිනය ඇතුළු ජාතික වැදගත් කමකින් යුතු දිනවලදී ජාතික කොඩිය ඔසවනු ලැබේ.සියළු රාජ්‍ය උත්සව වලදී ජාතික කොඩිය එසවීම අපගේ චාරිත්‍රයයි.ජාතික කොඩිය එසවිය යුත්තේ එයට නියමිත ගරු බුහුමන් ලැබෙන පරිදිය.පෞද්ගලික හා සාමන්‍ය උත්සව වලදී ජාතික කොඩිය එසවීම නොකල යුතුය. එමෙන්ම ජාතික කොඩියේ වර්ණ, දිග, පළල සහ සැලැස්ම එස්.එස්.6931, 1985 දරණ ප්‍රමිතියට අනුව නිර්මාණය කළ යුතුය.විදේශ රාජ්‍ය නායක නායිකාවන් අප රටට පැමිණෙන විටදී එම රටේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමේදී අප ජාතික කොඩියද ප්‍රදර්ශනය කළ යුතුය. කොඩිය කොඩි ගහේ ඔසවන්නේ යට කී පාට තීරු දෙක කොඩි ගස පැත්තට සිටිනසේය. විදේශ රටවල අප කොඩිය එසවීමේදී එරට නීතී රීති හා තානාපති සම්බන්ධතා පිළිබධ අවබෝධයකින් එය කළ යුතුය. කිසියම් අවස්ථාවක වෙනත් රටවල ජාතික කොඩි සමග අප කොඩිය ඔසවන්නේ නම් සියළු කොඩි ගස් එකම උසකින් තිබිය යුතු අතර කොඩි එසවිය යුත්තේ ද සමාන උසකිනි. එම කොඩි තිබිය යුත්තේ වම් පසිනි.ඒ රටවල නම්වල ඉංග්‍රීසි අනුවාදයේ අකාරාදී පිළිවෙලට කොඩි එසවිය යුතුය.සෑම කොඩියකම ප්‍රමාණය සමාන විය යුතුය.පාසලක පාසල් වාරය ආරම්භ දින හා උදය රැස්වීමේ විශේෂ දිනකදී ජාතික කොඩිය එසවිය හැකිය.ජාතික කොඩිය එසවීමෙන් පසු ජාතික ගීය ගායනා කළ යුතුය. රාත්‍රී කාලයක ජාතික කොඩිය ඔසවන්නේ නම් ඊට ආලෝකය ලැබෙන්නට සැලැස්විය යුතුය. ජාතික කොඩිය සමග ආගමික කොඩි ඔසවන්නේ නම් ඒවාද තිබිය යුත්තේ සමාන මට්ටමකිනි.සංගම්, සමාජ,පාසල් ආදී කොඩි රැසක් සිංහ කොඩිය සමඟ එකට ඔසවන්නේ නම් ජාතික කොඩිය කොඩි පෙළේ මැදින් එසවිය යුතුය. අනෙක් ඒවාට වඩා උසින් එසවිය යුතුය.එසවීමට පෙර එය යොතට සවිකොට අකුලා උස් ස්ථානයක හෝ කෙනෙකු දෑතින් ඔසවාගෙන සිටිය යුතුය.එහිදී ජාතික කොඩිය පළමුවෙන්ම එසවිය යුතුය.පහත් කිරීමේදී පහත් කල යුත්තේ අනෙක් සියළු කොඩි පහත් කර අවසානයේදීය. ගොඩනැගිල්ලක හෝ සඳළු තලයක, ජනේලයකින් ජාතික කොඩිය ඔසවන්නේ නම් කොඩි ගස හරස් අතට නොව අංශක 45 ක් ඇලකොට තිබිය යුතුය. අඩකුඹු කරන්නේ නැතිනම් කොඩිය තිබිය යුත්තේ කොඩි ගසේ කෙලවරය. එක් ගොඩිගසක එසවිය යුත්තේ එක් කොඩියක් පමණි.සිංහයා උඩුයටිකුරු කර නොඑසවීමට වගබලාගත යුතුය. මගුල් බෙර හා සංඛ නාද පැවැත්වීම ගෞරව බහුමානයට හේතුවේ. ජාතික කොඩිය ඔසවා එයට හිස නමා ආචාර කළයුතුය. ත්‍රිවිධ හමුදා නිලධාරි තමන්ට නියමිත ආචාර කිරීම් කළ යුතුය. පාරක් හෝ වීදියක් මැද ජාතික කොඩිය ඔසවන්නේ නම් එය එසවිය යුත්තේ සිංහයා උඩු අතට සිටින සේ නොව සිංහයා හරස් අතට සිටින සේය.දුර්වර්ණ හෝ ඉරීගිය ජාතික කොඩියක් කිසිවිටකත් එසවීම නොකළ යුතුය. ජාතික ශෝක දිනයකදී ජාතික කොඩිය අඩකුඹු කළ යුතුය.ඊට කලින් එය ගොඩි ගසේ මුදුනටම ඔසවා මොහොතකට පසු අඩකුඹු කළ යුතුය.කොඩිය පහත් කිරීමට පෙරද යළි එය මුදුනට ඔසවා පසුව පහත් කළ යුතුය.අඩකුඹු කිරීමේදී කොඩිය පහත් කළ යුත්තේ කොඩිගසේ උසින් තුනෙන් පංගුවක් දක්වාය.රජය මගින් නියමිත ශෝක දින නියම කරයි.වෙළද දැන්වීම් සදහා හෝ සැරසිල්ලක් ලෙස ජාතික කොඩිය භාවිතා නොකළ යුතුය.ජාතික කොඩිය ඔසවන ඕනෑම අවස්ථාවක කාළගුණය හෝ වෙනත් බලපෑම් මත එය පහත් නොකළ යුතු අතර ඔසවනු ලැබූ අවස්ථාවේ සිට හිරු බැස යන තුරු එය ඔසවා තිබිය යුතුය. ජාතික කොඩිය ඔසවන්නා සීරුවෙන් සිට එය කළ යුතු අතර ත්‍රිවිධ හමුදා හා පොලීසියේ නිලඇදුමින් සැරසුනු අය හැර අනෙක් සියළු දෙනා හිස් වැසුම් ගැලවිය යුතුය.සීරුවෙන් සිටිය යුතුය. වේදිකාවක ජාතික කොඩිය ඔසවන්නේ නම් කථිකයාගේ දකුණු පසින් කොඩිගස එසවිය යුතුය.නැතිනම් කථිකයා පසුපසින් බිත්තියක ඉහළින් දිගහැර රදවා තැබිය යුතුය. පෙළපාලියකදී ජාතික කොඩිය පහත් කොට ගරු නොකළ යුතුය.ඉදිරියෙන්ම දකුණින් ගෙන යා යුතුය. රාජ්‍ය නායකයෙකු හෝ රටදැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පමණක් දේහය මත ජාතික කොඩිය තබා බුහුමන් දැක්විය හැක.ජාතික කොඩිය ඔසවන, පහත් කරන සෑම අවස්ථාවකදීම නිශ්ශබ්දව සංවරව එය කළ යුතුය. නියමිත පිළිවෙලට නමාගත් ජාතික කොඩිය තැන්පත් කල යුත්තේද එහි ගෞරවය ආරක්ෂා වන අයුරිනි. කිසිවිටකත් බිම නොතැබිය යුතුය.ජාතික කොඩිය අපගේ ජාතික වස්තුවකි. බුහුමන් දැක්වීම, එහි සෙවනෙහි එක්සත්ව, එක්සිත්ව, සාමයෙන් සිටීම අප කාගෙත් යුතු කමකි.



                                     
  • ජ ත ක ක ඩ ය යන රටක අනන යත ව ල වට ප න වන ප රධ න ස ක තයය ශ ර ල ක ව ජ ත ක ක ඩ ය ප රණ ර ජක ය ක ඩ ය ඇස ර න න ර ම ණය ව ඇත.ජ ත ය හ ම ත භ ම ය ඵ ත හ ස ක
  • උප ක ඛ හ වත ධ ර ම ක භ වය න ර පණය කරය ශ ර ල ක ව ජ ත ක ක ඩ ය ප ළ බඳව තත ද න ග න මට ක ල ක කරන න ජ ත ක ක ඩ ය ඇත ළත ස ක ත. ඵස ඩබ ල ව ආර ඩ බණ ඩ රන යක
  • ල ක බ ද ධ සම ම ලනය WFB ල කය ව ශ ලතම සහ බලවත අන තර ජ ත ක බ ද ධ ස ව ධ නය ව ය එය ශ ර ල ක ව ක ළඹද 1950 වර ෂය ආරම භ කරන ලද ම සඳහ ල කය රටවල
  • රටක ජ ත ක අනන යත වය හ ළ ක ර මට ස ක ත ර ශ යක න ල වශය න භ ව ත කරන ලබය ශ ර ල ක ව ජ ත ක ක ඩ ය ජ ත ක ග ය, ජ ත ක ක ර ඩ ව, ජ ත ක ඇඳ ම, ජ ත ක ප ෂ පය
  • තන ත ර ද මල ර ජ යයක සදහ ද ගටම සටන ක ර මට ත රණය කළ ය.ම අන ව ශ ර ල ක ව දම ල ජ ත ක ව ය ප රය ව නම ර ජ යයක ව න ව න සටන ක ර ම ආරම භ ව ණ 1956 ප රල යට
  • ශ ර ල ක ව ප රණ ම සහ ව ශ ලම සන නද ධ හම ද වය 1949 ද ල ක ය ද හම ද ව ල ස ඇරඹ න ම හ නම 1972 වසර ශ ර ල ක ව ජනරජයක බවට ව නස ව ම න අනත ර ව ශ ර ල ක
  • අහ ස ව ය. 1948 න දහස ල බ මත සමග අහ ස ව ස හල න වතත ස හල ර ජ යය ශ ර ල ක ව ල ස හ ද න ව මට පටන ග න න . උඩරට රජත ම ක යටත එම ප රද ශය හ ව සය