ⓘ පාකිස්ථාන‍යේ බුදු දහම. පාකිස්ථානයේ බුදු දහම මුල් බැසගන්නා ලද්දේ මීට වසර 2.300කට ප්‍රථම මෞර්ය රජකු වූ අශෝක අධිරාජයා යටතේ ය. නේරු විසින් ඔහුව හඳුන්වන්නේ සෑම රජකු ..

                                     

ⓘ පාකිස්ථාන‍යේ බුදු දහම

පාකිස්ථානයේ බුදු දහම මුල් බැසගන්නා ලද්දේ මීට වසර 2.300කට ප්‍රථම මෞර්ය රජකු වූ අශෝක අධිරාජයා යටතේ ය. නේරු විසින් ඔහුව හඳුන්වන්නේ" සෑම රජකු හෝ අධිරජකුට වඩාම ශ්‍රේෂඨ” ලෙසයි. පාකිස්ථාන ප්‍රදේශයේ බුදු දහම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. බැක්ට්‍රියාව, ඉන්දු-ග්‍රීක රාජධානිය, කුෂාණ අධිරාජ්‍යය සහ පුරාතන ඉන්දියාව තුළ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක රජු යටතේ සහ පාල අධිරාජ්‍යය යටතේ බුදු දහම සමෘද්ධිමත් විය. වර්තමාන පාකිස්ථාන භූමියට පන්ජාබ් ප්‍රදේශයේ සහ ඉන්දු ගංගා නිම්න සංස්කෘතීන් ද අයත්ව තිබිණි. තක්ෂිලාවේ විසූ බෞද්ධ විද්වතකු වූ කුමාරලබ්ධ නම් තැනැත්තා ආර්යදේව, අශ්වඝෝෂ සහ නාගාර්ජුයන භික්ෂූන් සේම වැදගත් පුද්ගලයෙකි. 2012දී, ජාතික දත්තසමුදාය සහ ලියාපදිංචි අධිකාරිය සඳහන් කළේ පාකිස්ථානයේ වර්තමාන බෞද්ධ ජනගහනය ජාතික හැඳුනුම්පත් දරන වැඩිහිටියන් 1.492 පමණ සුළු පිරිසකගෙන් සමන්විත බවයි. මේ නිසා සම්පූර්ණ බෞද්ධ ජනගහනය කිහිප දහසකට වඩා වැඩි නොවිය හැකි බැව් පෙනේ.

පාකිස්ථානයේ පිහිටි එකම ක්‍රියාකාරී බෞද්ධ විහාරය ඉස්ලාමාබාද්හි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රදේශය තුළ පිහිටි විහාරයයි. මෙය ශ්‍රී ලංකාව වැනි රටවල්වල බෞද්ධ රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් සිය ආගමික කටයුතු සඳහා භාවිතා කරනු ලබයි.

                                     

1. පුරාතනයේ බුදු දහම

ගන්ධාරය

වර්තමාන දකුණු ඛයිබර් පඛ්තුන්ඛ්වා පළාතේ පිහිටා ඇති ගන්ධාරයේ ජනගහනයෙන් බහුතරයක් අතීතයේ බෞද්ධයන්ව සිට ඇත. ගන්ධාරය ප්‍රධාන වශයෙන්ම මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් වුවත්, එය වජ්‍රයාන බෞද්ධයන්ට ද වැදගත් ස්ථානයක් විය. අතීතයේ උද්දියාන යනුවෙන් හැඳින්වුණු ස්වාට් නිම්නය ගන්ධාරයේ යටත් රාජ්‍යයක් විය. බෞද්ධ යුගයට අයත් පුරාවිද්‍යා බිම් විශාල ප්‍රමාණයක් ස්වාට්වලින් හමුවේ.

උද්දියාන

බෞද්ධ පඬිවරයකු වූ පද්මසම්භව උපත ලැබූයේ යැයි පැවසෙන්නේ වර්තමාන පහළ දිර් දිස්ත්‍රික්කය‍ට අයත් චක්දාරා නගරය අසල පිහි‍ටා තිබූ ගම්මානයක යැයි පැවසේ. මෙය එකල උද්දියාන රාජ්‍යයට අයත්ව පැවතිණි. ටිබෙටය තුළ පද්මසම්භව, ගුරු රින්පොචේ ලෙස හැඳින්වෙන අතර, ඔහු විසින් ටිබෙටයට වජ්‍රයාන බුදු දහම හඳුන්වා දී ඇත.

පන්ජාබ් ප්‍රදේශය

පන්ජාබ් ප්‍රදේශයේ බුදු දහම පැවති අතර, බොහෝ බෞද්ධ විහාර සහ ස්තූපයන් තක්ෂිලා ලෝක උරුම අඩවිය තුළ පිහිටා ඇත. මීට අමතරව බුදු දහම සින්ධ් ප්‍රදේශවල ද ව්‍යාප්තව පැවතී ඇත.

                                     

2. ඉස්ලාමය සහ හින්දු ආගම

ක්‍රි.ව. 10වන සියවස තෙක්ම ගන්ධාරය විශාල වශයෙන් බෞද්ධ-හින්දු පුරවරයක් ලෙස පැවතිණි. 10වන සියවසේ දී මහමුද් සුල්තාන්වරයා විසින් මෙම ප්‍රදේශය ආක්‍රමණය කොට ඉස්ලාමය හඳුන්වා දුන්නේ ය. අනුතරුව මෙහි විශාල වශයෙන් මුස්ලිම්වරුන් පදිංචි කෙරුණු අතර, හින්දු-බෞද්ධ ප්‍රජාව වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වූහ.

ක්‍රි.ව. 600 පමණ පන්ජාබ්, ඛයිබර් පඛ්තුන්ඛ්වා සහ සින්ධ් ප්‍රදේශවල බොහෝ බෞද්ධ ජනයා හින්දු ආගමට ඇතුළත් විය. බොහෝ බෞද්ධයින් ඉස්ලාම් ආගමට හරවන ලදී. ක්‍රි.ව. 710 උමයියාද් කාලිෆේටයේ අරාබි ආක්‍රමණ එල්ල වන තෙක්ම සින්ධ්හි බහුතරයක් ජනයා බෞද්‍ධයෝ වූහ. දිල්ලි සුල්තාන් අධිරාජ්‍යය සහ පසුකාලීනව මෝගල් අධිරාජ්‍යය යටතේ මෙම ප්‍රදේශවල මුස්ලිම් ජනයා ප්‍රමුඛ වන්නට විය. මෙයට හේතු වූයේ ධර්මදූත සුෆිවරුන් විසින් සිය දර්ගාවන් පූජාස්ථාන පාකිස්ථානය සහ දකුණු ආසියාවේ සෙසු ප්‍රදේශවල තැනින් තැන පිහිටුවීමයි.

                                     

3. තලෙයිබාන්වරුන් විසින් ‍බෞද්ධ පුරාවස්තු වැනසීම

පාකිස්ථානයේ ස්වාට් නිම්නය බොහෝ බෞද්ධ කැටයම් සහ ස්තූපවලින් සමන්විත වන අතර, ජෙහානාබාදය හිඳි බුද්ධ ප්‍රතිමාවකින් සමන්විත ය. ස්වාට් නිම්නයේ පිහිටි කුෂාණ යුගයට අයත් බෞද්ධ ස්තූප සහ ප්‍රතිමා තලෙයිබාන්වරුන් විසින් විනාශ කරන ලදී. එසේම තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් අවස්ථා දෙකක දී ජෙහානාබාද් බුද්ධ ප්‍රතිමාවේ මුහුණට ඩයිනමයිට් දමා විනාශ කොට ඇත. තලෙයිබාන්වරුන් විසින් විනාශ කරන ලද මැංගලෝරය අසල ස්වාට්හි බුද්ධ ප්‍රතිමාව කුඩා වූයේ බාමියන් දැවැන්ත බුද්ධ ප්‍රතිමාවට පමණි. ප්‍රතිමාව විනාශ කිරීමට ත්‍රස්තවාදීන් දැරූ පළමු උත්සාහයෙන් ප්‍රතිමාව ආරක්ෂා කරගැනීමට රජය ද කිසිදු ක්‍රියාමාර්ගය්ක අනුගමනය කළේ නැත. එහි දී ප්‍රතිමාවට ස්ථිර හානියක් සිදුනොවිණි. නමුත් දෙවන ප්‍රහාරය හේතුවෙන් ප්‍රතිමායේ පාද, උරහිස් සහ මුහුණ විනාශ විය. තලෙයිබාන්වරුන් වැනි ඉස්ලාමිකයින් සහ මංකොල්ලකරුවන් විසින් බෞද්ධ ගන්ධාර ශිෂ්ටාචාරයට අයත් පාකිස්ථානයේ, විශේෂයෙන්ම ස්වාට් නිම්නයේ බෞද්ධ පුරාවස්තු ගණනාවක් විනාශ කොට ඇත. තලෙයිබාන්වරුන් විසින් ගන්ධාර ‍බෞද්ධ පුරාවස්තු විනාශ කරන ලද්දේ හිතාමතාම ය. ලාහෝරයේ ක්‍රිස්තියානි අග්‍රරාජගුරු ප්‍රසාදීන් වූ ලොර්න්ස් ඩෝන් සල්දන්හා විසින් ස්වාට් නිම්නයේ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම, ක්‍රිස්තියානි, හින්දු සහ සිඛ්වරුන්ට හිංසා කිරීම වැනි තලෙයිබාන්වරුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ දෝෂාරෝපණ නගමින් පාකිස්ථාන රජයට ලිපියක් යවා තිබේ. මීට අමතරව මංකොල්ලකරුවන් විසින් ගන්ධාර බෞද්ධ පුරාවස්තු පැහැරගෙන ඇත. ඉතාලියානුවන් කණ්ඩායමකගේ සහාය ඇතිව බුද්ධ ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කරන ලදී.



                                     

4. පාකිස්ථාන බෞද්ධ සංචාරක කර්මාන්තය

2013 මාර්තු මස, දකුණු කොරියාවේ සිට පැමිණි බෞද්ධ භික්ෂූන් 20ක ගෙන් සමන්විත කණ්ඩායමක් ඉස්ලාමාබාදයේ මිට කිලෝමීටර 170ක් සැතපුම් 106 දුරින් පිහිටි තඛ්ත්-ඉ-බාහි විහාරය වෙත සංචාරය කළහ. ආරක්ෂක හේතූන් මත ඔවුන්ගේ චාරිකාව අත්හැර දමන මෙන් සෝල්වලින් ශික්ෂූන්ට ඉල්ලීම් ඉදරිපත් වුව ද, විහාරය තෙක් ඔවුන්ගේ චාරිකාවේ දී පාකිස්ථාන ආරක්ෂක හමුදා විසින් ඔවුනට ආරක්ෂාව සලසන ලදී. මෙම විහාර හිරියල් පැහැ පාෂාණවලින් තනා තිබූ අතර, එය කඳකර පෙදෙසක පිහිටියේ ය. ක්‍රි.පූ. යුගයේ සිට ක්‍රි.ව. හත්වන සියවස පමණ දක්වා වර්ෂ දහසක පමණ කාලයක් ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්ථානයේ ප්‍රදේශ එත්වී ගන්ධාරය තැනී තිබිණි. මෙකල ග්‍රීක සහ බෞද්ධ සම්ප්‍රදායයන් මුසුවී මහායානය තවත් ශක්තිමත් විය. වර්තමාන වයඹදිග පාකිස්ථානයට අයත් ප්‍රදේශයේ විසූ මාරානන්ත භික්ෂුව හතරවන සියවසේ දී චීනය ඔස්සේ කොරියානු අර්ධද්වීපය වෙත බුදු දහම ව්‍යාප්ත‍ කොට තිබේ. වර්තමානයේ පාකිස්ථානු බලධාරීන් විසින් චීන, ජපන්, සිංගප්පූරු සහ දකුණු කොරියානු සංචාරකයින්හට ඉස්ලාමාබාද් අසල බෞද්ධ පුද බිම් වන තඛ්ත්-ඉ-බාහි, ස්වාට්, පෙෂාවර් සහ තක්ෂිලා වෙත විශේෂ සංචාරක පැකේජ සැලසුම් කොට තිබේ.

                                     

4.1. පාකිස්ථාන බෞද්ධ සංචාරක කර්මාන්තය තඛ්ත්-ඉ-බාහි

පර්සියානු/උර්දු බසින් තඛ්ත් යනු" සිහසුන” වන අතර බාහි යනු" ජලය” හෝ" උල්පත” යන්නයි. මෙම විහාර සංකීර්ණය තඛ්ත්-ඉ-බාහි ලෙස හඳුන්වන්නේ එය කඳු මුදුනක දිය පහරකට යාබදව ඉදිකොට තිබීම නිසායි. පෙෂාවර් සිට කිලෝමීටර 80ක් දුරින් පිහිටි මෙය, මර්දන් නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹදිගින් පිහිටා ඇත. තඛ්ත්-ඉ-බාහි නගරය යළි සොයාගන්නා ලද්දේ 20වන සියවසේ මුල් කාලයේ වන අතර, 1980දී එය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ ගන්ධාරයේ විශාලතම බෞද්ධ නටබුන් භූමිය ලෙස යාබද සහ්ර්-ඉ-බහ්ලොල් ප්‍රදේශය සමග ය. සහ්ර්-ඉ-බහ්ලොල් නාගරික ප්‍රදේශය මෙයට කිලෝමීටරයක් පමණ දකුණින් පිහිටි අතර, එය ද මෙම නටබුන් අයත් කාලසීමාවටම අයත් යැයි සැලකේ.

තඛ්ත්-ඉ-බාහි තුළින් බුදු දහම සහ එකල ජනයා ජීවත් වූ ආකාරය පිළිබඳ සාක්ෂි රැසක් හමුවේ. මෙහි ගම්මානය ඉදිකොට ඇත්තේ පුරාතන නගරයේ නටබුන් මත වන අතර, එහි පදනම් බිත්ති ද හොඳ තත්ත්වයෙන් පවතී. මෙම භූමිය අතීතයේ බෞද්ධයින් සහ හින්දූන්ගේ ජනාවාසයක් වූ බැව් එම යුගයයන්ට අයත් කාසි හමුවීමෙන් පෙනේ. භික්ෂූන්ගේ පහසුව උදෙසා මෙය ඉදිවූ අතර, කඳු මුදුනේ සිට උල්පත් මගින් ජලය ලබා ගැනිණි. ආවාස තුළ මනා වාකවුළු පැවති අතර, පහන් දැල්වීමට බිත්තිවල කුටීර ද තනා තිබිණි. චීන බැතිමතකු වූ සොං යුන්ගේ විස්තරයකට අනුව, එම නගරය ඉන්දියාව දක්වා වැටී තිබූ වෙළඳ මාර්ගයේ වැදගත් නගර සතරෙන් එකක් වූ බැව් පෙනේ. මෙම නගරය මනා පවුරුවලින් ආරක්ෂා කොට තනා තිබූ අතර, උතුරු ප්‍රාකාරයට පිටතින් ද්වාර හතරක් තිබිණි. කඳුගැටය මුදුනේ පිහිටි චාජකා ඩේහ්රි නම් විහාරයේ අලංකෘත පාෂාණ කැටයම් දක්නට ලැබුණු අතර, ඒවා රන් පත්වලින් ආවරණය කොට තිබේ. කඳුගැට පිරි ඛාපේර්ද්‍රාවලට නුදුරින් අශෝක අධිරාජයා විසින් නැගෙනහිර දොරටුවක් තනවා තිබේ. එහි පිටතින් ස්තූපයක් සහ සංඝාරාමයක් පැවතී ඇත. තඛ්ත්-ඉ-බාහි භූමියේ කැනීම්වලින් හමුවූ ගෘහනිර්මාණ අංග අතර, ස්තූප ගණනාවක මළු, විහාරයක්, ප්‍රධාන ස්තූපය, සන්නිපාත ශාලාව, පහළ මට්ටමේ කුටි, අංගණය, ස්තූප තුනක මළු, දැවැන්ත ගොඩනැගිල්ලක බිත්ති සහ ලෞකික ගොඩනැගිල්ලක් දක්නට ලැබේ. 1871දී, සැරයන් විල්චර් විසින් තඛ්ත්-ඉ-බාහියේ තිබී ප්‍රතිමා ගණනාවක් සොයාගන්නා ලදී. මින් සමහර ප්‍රතිමා මගින් බුදුන් වහන්සේගේ දිවියේ කථා පුවත් නිරූපණය වන අතර, සෙසු කැටයම්වල බුදුන් වසන්සේලාගේ සහ බෝධිසත්ත්වවරුන්ගේ ආගමික කැටයම් දක්නට ලැබේ. ස්තූපවල අංගණයන් පැති තුනකින් විවෘත කුටීර මගින් ආවරණය වී තිබේ. කැනීම්කරුවන්ගේ අදහස වන්නේ මෙම කුටීර තුළ මුලින් තනි බදාම හිටි හෝ හිඳි බුද්ධ ප්‍රතිමා තැන්පත් කර ‍තිබෙන්නට ඇති බවයි. ඒවා ධනවත් බැතිමතුන්‍ විසින් පූජා කරන්නට ඇත. උතුරු ‍පෙදෙසේ ඇති විහාරය මුලින් මහල් දෙකකින් යුත් ව්‍යූහයක් ලෙස පැවති බැව් පෙනේ. එහි කුටීර, මුළුතැන්ගෙවල් සහ දානශාලාවකින් වටවූ විවෘත අංගණයන්ගෙන් සමන්විත විය.

                                     

4.2. පාකිස්ථාන බෞද්ධ සංචාරක කර්මාන්තය තක්ෂිලාව

වර්තමාන තක්ෂිලා නගරය ඉස්ලාමාබාද් සිට 35 km දුරින් පිහිටා ඇත. තක්ෂිලාවේ බොහෝ පුරාවිද්‍යා බිම් ක්‍රි.පූ. 600 සිට ක්‍රි.ව. 500 දක්වා පිහිටියේ තක්ෂිලා කෞතුකාගාරය අවට ය. වසර දහසකටත් අධික කාලයක් පුරාවට තක්ෂිලාව ප්‍රකට වූයේ ගන්ධාර ප්‍රතිමා කලාව, ගෘහනිර්මාණ ශිල්පය, අධ්‍යාපනය සහ බුදු දහම හැදෑරීමේ මධ්‍යස්ථානයක් ලෙසයි. තක්ෂිලාව අවට 30 kmක පමණ අරයයකින් යුත් භූමි භාගයක 50කට අධික පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාවක් ව්‍යාප්ත වී ඇත. මේ අතුරින් වැදගත්ම ස්ථාන කිහිපයක් නම්, ධර්මරාජික ස්තූපය සහ විහාරය ක්‍රි.පූ. 300 - ක්‍රි.ව. 200, භීර් ගොඩැල්ල ක්‍රි.පූ. 600-200, සිර්කප් ක්‍රි.පූ. 200 - ක්‍රි.ව. 600, ජණ්ඩියාල් විහාරය ක්‍රි.පූ. 250 පමණ සහ ජෞලියාන් විහාරය ක්‍රි.ව. 200 - 600 යි.

තක්ෂිලා භූමිය සමීපයේ ඉදිකොට ඇති කෞතුකාගාරය තුළ ‍තක්ෂිලාවෙන් හමුවූ නොයෙකුත් පුරාවිද්‍යා අනාවරණ රැසක් ඒවායේ කාලානුක්‍රම අනුපිළිවෙලට සහ නිසි නාමකරණයකින් යුතුව ප්‍රදර්ශනය කෙරේ. මෙය පාකිස්ථානයේ පිහිටි වඩාත් හොඳම සහ නඩත්තු කිරීම් අතින් විශිෂ්ට කෞතුකාගාරයක් ලෙස සැලකේ. කෞතුකාගාරය ග්‍රීෂ්ම ඍතුවේ දී පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා පැය දෙකක විරාමයක් සහිතවත්, සිසිර ඍතුවේ දී පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා විරාමයක් රහිතවත් විවෘත කර තැබේ. සෑම මාසයකම පළමු සඳුදා දිනවල සහ මුස්ලිම් ආගමික නිවාඩු දිනවල කෞතුකාගාරය වසා තැබේ. කෞතුකාගාරය වෙත පිවිසුම් ගාස්තුව පුද්ගලයකුට රුපියල් 4ක් වන අතර, පුරාවිද්‍යා අඩවිය නැරඹීමට රුපියල් 4ක ගාස්තුවක් ද අය කෙරේ. කෞතුකාගරයට මඳක් පසුපසින් PTDC යටතේ පවතින සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක්, කාමර හතක් සහිත නවාතැන්පොළක් සහ අවන්හලක් පිහිටා ඇත.



                                     

4.3. පාකිස්ථාන බෞද්ධ සංචාරක කර්මාන්තය මින්ගෝරා

මින්ගෝරාව පිහිටියේ සයිදු ෂරිෆ් සිට 3 km ඈතිනි. මෙහි අනර්ඝ බෞද්ධ ප්‍රතිමා රැසක් සහ මහා ස්තූපයක නටබුන් හමුවේ.

                                     
  • ල ස ස ලක ර ය ස ය ජ ව ත ක ලය ප ර ම චක ම ජනය ග අත ප රම ඛ ව ශ ව සය ව බ ද දහම අන ගමනය කරම න බ ද ධයක ල ස කටය ත කළ ය. 1947 ඉන ද ය ව බ ද ම ද ම ස ල ම - න වන
  • සද ධර මයට ක මත ශ ග රජවර න බ ද දහමට ප ඩ න කළ බවත ශ ග අධ ර ජවර න යටත බ ද දහම සම ද ධ මත ව බවත ය. ශ ග ය ගය බ ග ලය බ ද දහම ප වත බව ද නට කල කට ව
  • ඇත ක ර ම න ස අධ ර ජ යය න ෂ ප දන සහ ආර ථ ක අ ශ ව ඩ ද ය ණ ව ය. තම බ ද දහම ව ළඳ ගත තද අශ ක අධ ර ජ යය තම ර ජ යය සභ වට හ න ද ප ජකයන ද සහභ ග කර
  • බවට ප ර ව ද ය ත මක ස ක ෂ ය හම ව ඇත. 1983 ද ස ය ගන ල බ පන ජ බ සහ ප ක ස ථ නය උත ර ද ග ප රද ශ ත ළ පවත න Riwat අඩව ය ත ළ න එම ස ක ෂ ය හම ව ඇත.